දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිමාවට පත් කර තිබේ. ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් දින දෙකක් පුරා සලකා බැලුණි.​හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සහ මීඩියා ලෝ ෆෝරම් ඇතුළු පාර්ශ්ව රැසක් විසින් මෙම පෙත්සම් 15 ක් ඉදිරිපත් කර තිබුණි. අදාළ සංශෝධන හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සහ අධිකරණ බලය කප්පාදු වීමක් සිදුවන බව පෙන්වා දී ඇති පෙත්සම්කරුවන්, පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය වන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.​අද දින වාචික දේශන ඉදිරිපත් කිරීම් අවසන් වීමත් සමඟ, යම් ලිඛිත දේශන ඇත්නම් ඒවා එළඹෙන සඳුදා පස්වරු 12.00 ට පෙර ගොනු කරන ලෙස අධිකරණය පාර්ශ්වකරුවන්ට නියෝග කළේය. ඒ අනුව, මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේදී කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් යොමු කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,316

Leave A Reply

Your email address will not be published. Required fields are marked *