ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ ප්රතිශෝධන පෙත්සම සලකා බැලීම හෙට (13) දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළේය.මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසමේ ඉල්ලීම මෙන්ම ඊට එරෙහිව මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඉදිරිපත් කළ කරුණු ද සැලකිල්ලට ගනිමින් නඩුව හෙට පස්වරු 2.30ට යළි කැඳවීමට තීරණය විය.අල්ලස් කොමිසමේ විමර්ශනයකට අදාළව පසුගිය නොවැම්බර් 03 වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ මහතාට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර තිබූ අතර, එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ඔහුව යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොමිසම මෙමගින් ඉල්ලා සිටී.



























