නාවලපිටිය, පස්බාගේ කෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අද අලුයම සිට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.මෙම ආපදා තත්ත්වය හේතුවෙන් කිතුල්කොටේ, ලබුවැල්කොටුව සහ ජයසුන්දරඕවිට ඇතුළු ප්රදේශවල නිවාස ජලයෙන් යටවීම නිසා පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් වී සිටින බව පස්බාගේ කෝරළේ ප්රාදේශීය ලේකම් කාර්යාලය තහවුරු කරයි.



























