පයාගල වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

පයාගල, කොස්හේන ප්‍රදේශයේ නිවසක රැඳී සිටි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඊයේ (31) රාත්‍රී කාලයේදී වෙඩි තබා පළා ගොස් තිබේ.​මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තැනැත්තා වහාම නාගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී සිදුවූ මියයාම තහවුරු කර ඇත. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පයාගල ප්‍රදේශයේම පදිංචිව සිටි තිස් හැවිරිදි වියේ පසුවූවෙකි.​මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වෙඩි තැබීම සඳහා ස්වයංක්‍රීය ගිනි අවියක් භාවිත කර ඇති බවට සැකකෙරෙන බවයි. පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පයාගල පොලිසිය මේ වන විට වැඩිදුර පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

What's your reaction?

Related Posts

1 of 1,342

Leave A Reply

Your email address will not be published. Required fields are marked *