ප්‍රථම ගුවන්විදුලි විරිඳු ගායිකා ශ්‍රීමතී පෙරේරා ස්මරණය කෙරේ

ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි ඉතිහාසයේ සහ සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ ප්‍රථම ගුවන්විදුලි විරිඳු ගායිකාව වන ශ්‍රීමතී පෙරේරා මහත්මියගේ කලා මෙහෙවර ඇගයීමේ විශේෂ අනුස්මරණ හමුවක් ජාතික ගුවන්විදුලි පරිශ්‍රයේදී පවත්වන ලදී.​1925 වසරේ ගුවන්විදුලි සේවය ආරම්භ වූ සමයේම උපත ලැබූ ඇය, සිය මධුර ස්වරයෙන් විරිඳු ගායනා කලාවට එක්වෙමින් එකල බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ පවා පැසසුමට හා ඇගයීමට ලක්විය. වයස අවුරුදු 27 වැනි යොවුන් වියේදී අකාලයේ දිවියෙන් සමුගත්තද, ඇයගේ කලා මතකය අදටත් නොමැකී පවතී.​මෙම අනුස්මරණ උත්සවයේදී ශ්‍රීමතී පෙරේරා මහත්මියගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම නියෝජ්‍ය අමාත්‍‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,357

Leave A Reply

Your email address will not be published. Required fields are marked *