මිලදී ගත් වාහනයකට අදාළ තොරතුරු හා මුදල් උපයාගත් ආකාරය සනාථ කිරීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගත් ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.අද දින මාතර මහේස්ත්රාත් අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පරීක්ෂණ ප්රගතිය සලකා බැලූ මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

























