ලොව ජනප්‍රියතම පණිවිඩ හුවමාරු යෙදුම වන WhatsApp, සිය ආරක්ෂක පද්ධති යාවත්කාලීන කිරීමේ අරමුණින් 2026 සැප්තැම්බර් 08 වැනිදා සිට පැරණි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සඳහා ලබාදෙන සහාය නතර කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට WhatsApp භාවිත කිරීම සඳහා Android 6.0 (Marshmallow) හෝ ඊට ඉහළ සංස්කරණයක් තිබීම අනිවාර්ය වේ. මෙම තීරණය නිසා විශේෂයෙන්ම Android 5.0 සහ 5.1 සංස්කරණ සහිත පැරණි ස්මාර්ට් දුරකථන පරිශීලකයින්ට මින් ඉදිරියට WhatsApp Messenger හෝ Business යෙදුම් භාවිත කිරීමට නොහැකි වනු ඇත.මෙම තාක්ෂණික වෙනස හේතුවෙන් Samsung Galaxy S6 ශ්‍රේණිය, Note 4, Note 5 මෙන්ම Sony Xperia Z3, Z4, Z5 වැනි ජනප්‍රිය මාදිලි රැසකට WhatsApp සහාය අහිමි වේ. මීට අමතරව OnePlus පැරණි මාදිලි, Asus Zenfone 2, Honor 4/6/7 සහ Lenovo K3 Note වැනි දුරකථන ද මෙම ලැයිස්තුවට ඇතුළත්ය. කෙසේ වෙතත්, ඇපල් පරිශීලකයින්ට මෙයින් බලපෑමක් නොවන අතර iOS 15.1 හෝ ඉන් ඉහළ සංස්කරණ සහිත iPhone සඳහා WhatsApp සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වේ.ඔබ දැනටමත් මෙම පැරණි ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් භාවිත කරන්නේ නම්, ඔබගේ වටිනා පණිවිඩ සහ දත්ත සුරක්ෂිත කර ගැනීම සඳහා වහාම Google Drive හරහා ‘Backup’ එකක් ලබා ගැනීමට පියවර ගන්න. එමගින් නවීන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් සහිත දුරකථනයකට මාරු වූ පසු ඔබගේ සියලුම තොරතුරු නැවත ලබා ගැනීමට (Restore) අවස්ථාව හිමිවේ. මේ පිළිබඳ වැඩිදුර නිල නිවේදන ඉදිරියේදී යෙදුම හරහාම පරිශීලකයින් වෙත සෘජුවම දැනුම් දීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටී.

























