එයාර්බස් ගනුදෙනුවලට අදාළව සිදුවෙමින් පවතින දූෂණ විමර්ශන සම්බන්ධයෙන් හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.නිකවැරටියේ පිහිටි ඒ මහතාගේ නිවසටම පැමිණි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පැය 4 කට අධික කාලයක් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව සඳහන් වේ.මෙම ගනුදෙනුවට සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා සහ අනෙකුත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මෙම විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.



























