පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයේ මත්පැන්හල් දින 7ක් වැසේ

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරක සියලුම මත්පැන්හල් දින හතක කාලයක් වසා තැබීමට තීරණය කර ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් පරිදි මෙලෙස මත්පැන් අලෙවිය තහනම් කර ඇත්තේ මිහින්තලේ, මහවිලච්චිය මෙන්ම මධ්‍යම සහ නැගෙනහිර නුවරගම් පළාත යන බලප්‍රදේශවලයි.​ඒ අනුව ලබන ජුනි මස 26 වනදා සිට ජුලි මස 02 වනදා දක්වා මෙම සීමා පැනවීම් ක්‍රියාත්මක වේ. අදාළ ප්‍රදේශවල පිහිටි සියලුම බලපත්‍රලාභී මත්පැන්හල් ජුනි 25 වනදා රාත්‍රී වසා දැමීමේ වේලාවේ සිට ජුලි 03 වනදා සාමාන්‍ය පරිදි විවෘත කරන වේලාව දක්වා අනිවාර්යයෙන්ම වසා තැබිය යුතු බව නිවේදනය කර තිබේ.​මෙම නියෝග කඩකරමින් කටයුතු කරන පිරිස් වැටලීම සඳහා දිවයින පුරා සිටින සුරාබදු නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන ස්ථාන පිළිබඳ තොරතුරු 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පැය 24 පුරාම දැනුම් දිය හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,202

Leave A Reply

Your email address will not be published. Required fields are marked *