බුලත්සිංහල පුරාවස්තු කැණීමක නිරත වූ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් බුලත්සිංහල පොලිස් වසමට අයත් බෝතලේගම ප්‍රදේශයේ ඉඩමක නීතිවිරෝධී ලෙස කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ.​මෙම වැටලීමේදී සැකකරුවන් විසින් නීතිවිරෝධී කැණීම් සඳහා භාවිතා කරන ලද විවිධ උපකරණ රැසක්ද පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.​අත්අඩංගුවට පත් වී ඇති පුද්ගලයන් තිදෙනා වයස අවුරුදු 35 ත් 50 ත් අතර පසුවන්නන් වන අතර, ඔවුන් බුලත්සිංහල සහ හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බුලත්සිංහල පොලිසිය විසින් ඉදිරි විමර්ශන අඛණ්ඩව සිදු කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,326

Leave A Reply

Your email address will not be published. Required fields are marked *