මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ භාර සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි

මෙරට මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය තහවුරු කිරීම සහ නීති විරෝධී මූල්‍ය කටයුතු වැළැක්වීම අරමුණු කරගනිමින් ඉදිරිපත් කළ භාර (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව 1917 අංක 9 දරන භාර ආඥාපනත සඳහා මෙම නව සංශෝධන එකතු වේ.​මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ කාර්යසාධක බලකායේ නිරීක්ෂණ පදනම් කරගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් කරන ලද යෝජනාවලට අනුකූලව මෙම සංශෝධන සකස් කර තිබේ.​මෙම නව පනත සම්මත වීමත් සමඟ මෙරට මූල්‍ය පද්ධතිය තුළ සිදුවන මූල්‍ය අක්‍රමිකතා, නීති විරෝධී මුදල් හුවමාරු සහ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් සැපයීම් වැළැක්වීමේ නීතිමය රාමුව වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,409

Leave A Reply

Your email address will not be published. Required fields are marked *