මෙට්‍රික් ටොන් 3900ක ගෑස් රැගත් තවත් නෞකාවක් අනිද්දා දිවයිනට

දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ ක්‍රියාවලිය දැනටමත් වේගවත් කර ඇති අතර, මෙට්‍රික් ටොන් 3900 ක ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ මේ වන විටත් ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව ලිට්‍රෝ සමාගම පවසයි.​එසේම, මෙට්‍රික් ටොන් 3900 ක ගෑස් ප්‍රමාණයක් සහිත මෙම සතියට අදාළ 04 වන ගෑස් නෞකාව ද එළඹෙන 22 වනදා දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.​මෙම ගෑස් තොග ලැබීමත් සමග දිවයින පුරා පවතින ගෑස් සැපයුම කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇති බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,387

Leave A Reply

Your email address will not be published. Required fields are marked *