මෙනින්ජිටිස් රෝග ව්‍යාප්තිය පාලනයට උපදෙස්

පවතින මෙනින්ජිටිස් රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. විශේෂයෙන් පාසල් දරුවන් අතර මෙම රෝගය සීඝ්‍රයෙන් පැතිරෙන බව නිරීක්ෂණය වී ඇති බැවින්, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී. උණ, අධික හිසරදය සහ වමනය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, සාමාන්‍යයෙන් දින 7ක් වැනි කාලයක් තුළ රෝගීන් සුව අතට පත්වේ.​මෙම රෝගය බෝවීමේ ප්‍රධාන මාර්ග වන්නේ අපවිත්‍ර ආහාර හා ජලය මෙන්ම, රෝගියෙකුගේ කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිඳිති ආශ්‍රිත සමීප ඇසුරයි. වෛරසයට නිරාවරණය වීමෙන් පසු දින 3ත් 7ත් අතර කාලසීමාවක් තුළ රෝග ලක්ෂණ මතු විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි. එබැවින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා ඇතුළු කණ්ඩායම මෙම පූර්වාරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.​රෝගය වළක්වා ගැනීමට සබන් යොදා දෑත් පිරිසිදුව සේදීම සහ කැස්ස හෝ කිවිසීමේදී ලේන්සුවකින් හෝ වැලමිට ඇතුළු පැත්තෙන් මුඛය හා නාසය ආවරණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් සමග සමීප ඇසුර සීමා කිරීම සහ නිවෙස් හෝ කාර්යාල පරිශ්‍රයන් තුළ හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි පරිසරය පවත්වා ගැනීම රෝග ව්‍යාප්තිය පාලනයට මහත් රුකුලක් වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,158

Leave A Reply

Your email address will not be published. Required fields are marked *