යුරෝපය පුරා පැතිර යන අධික උෂ්ණත්වය සහ ලැව්ගිනි අඛණ්ඩව

පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ යුරෝපා කලාපය තුළ දැඩි ලැව්ගිනි උවදුරක් හටගෙන තිබේ. ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ක්‍රොඒෂියාව, ග්‍රීසිය සහ බෙල්ජියම වැනි රටවල ගම්මාන මෙන්ම වනාන්තර බිම් විශාල වශයෙන් විනාශයට පත්ව ඇති අතර, මේ වන විටත් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ප්‍රදේශ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. යුරෝපා සංගමයේ දත්තවලට අනුව ලැව්ගිනි හේතුවෙන් යුරෝපයේ වනාන්තර අක්කර මිලියන 1.2 කට අධික ප්‍රමාණයක් අළු වී ගොස් තිබේ.​විශේෂයෙන්ම ක්‍රොඒෂියාවෙන් හටගත් ලැව්ගිනි නිසා පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, බෙල්ජියමේ පිහිටි එරට විශාලම ස්වභාවික රක්ෂිතයක ද මෑත ඉතිහාසයේ වාර්තා වූ දැවැන්තම ලැව්ගින්නක් හටගෙන තිබේ. මීට අමතරව, බ්‍රිතාන්‍යයෙන් ද මෙම වසරේ ඉහළම උෂ්ණත්වය වාර්තා වූ දිනයක් පසුගියදා සටහන් වූ අතර, එහි ඇති වූ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු රෝහල්ගත කිරීමට සිදුවිය.​ස්වභාවික පරිසරයට මෙන්ම සාමාන්‍ය ජනජීවිතයටද දැඩි බලපෑම් එල්ල කර ඇති මෙම අර්බුදය පාලනය කිරීම සඳහා අදාළ බලධාරීන් නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටියි. උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ තවදුරටත් ලැව්ගිනි පැතිරීමේ අවදානමක් පවතින බැවින් යුරෝපයේ නගර කිහිපයකම විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා ඇත.

What's your reaction?

Related Posts

1 of 909

Leave A Reply

Your email address will not be published. Required fields are marked *