රටේ නැවත ආණ්ඩුවක් හදන්නේ මාලිමාව විතරයි – ඇමති වසන්ත සමරසිංහ

වත්මන් රජය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු වී ඇති බවට විපක්ෂය ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. විපක්ෂයේ කණ්ඩායම්වලට අවම වශයෙන් සාර්ථක මැයි දින රැලියක්වත් පවත්වා ගැනීමට නොහැකි වූ බව පෙන්වා දෙන ඒ මහතා, තමන්ගේම පක්ෂ නායකයන් පවා එකම වේදිකාවකට ගෙන ඒමට අපොහොසත් වූ ඒකාබද්ධ විපක්ෂයට රටේ බලය ලබාගැනීම ගැන කතා කිරීමට කිසිදු අයිතියක් නොමැති බවද ප්‍රශ්න කර සිටියි.​වත්මන් පාලනය ජනතාව ලබාදුන් වරම සුරකිමින් ඉතා විශ්වාසවන්ත ගමනක් ඉදිරියට යමින් පවතින බව අමාත්‍යවරයා අවධාරණය කරයි. එම නිසා ඉදිරියේදී මේ රටේ නැවත වතාවක් ආණ්ඩුවක් පිහිටුවීමට හැකි එකම දේශපාලන බලවේගය ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව පමණක් බවත්, ඒ පිළිබඳව කිසිදු සැකයක් තබාගත යුතු නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,165

Leave A Reply

Your email address will not be published. Required fields are marked *