රාජ්‍ය විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් අද දිවා විවේකයේදී විරෝධතාවක්

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දී ඇති දීර්ඝ කාලීන ගැටලු සඳහා විසඳුම් ඉල්ම නමින්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරුන් අද (02) දිවා විවේක කාලයේදී විරෝධතා ව්‍යාපාරයක මඟකට එළඹීමට නියමිතව තිබේ. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සංගෙයන්ගේ (FUTA) සම්මේලනය සඳහන් කළ පරිදි, මේ සඳහා දිවයින පුරා පිහිටි සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරුන් එක්වනු ඇත.​පසුගිය වසර කිහිපය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් කථිකාචාර්යවරුන් 1,000 කට ආසන්න පිරිසක් ඉවත්ව ගොස් ඇති බවත්, ඒ අතරවාරයේදී වාර්ෂික ශිෂ්‍ය බඳවා ගැනීම් 2015 වසරේ 25,000 ක් පමණ සිට අද වන විට 45,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් FUTA හි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉල්ලසිංහ මහතා පෙන්වා දෙයි. රජය විසින් මෙම ගැටලු සඳහා කඩිනමින් ස්ථිරසාර විසඳුම් ලබා නොදුනහොත්, ඉදිරි සතියේදී තවත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බවටද ඔවුන් දැඩි ලෙස අනතුරු අඟවා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,312

Leave A Reply

Your email address will not be published. Required fields are marked *