රාජ්‍ය සේවයට තවත් 110,000ක් බඳවා ගැනීමට අයවැයෙන් ප්‍රතිපාදන

රාජ්‍ය ආයතනවල පවතින මානව සම්පත් හිඟය මගහරවා ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ඉදිරියේදී තවත් 110,000ක පමණ පිරිසක් අදියරගතව රාජ්‍ය සේවයට බඳවා ගැනීමට 2027 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.​රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචනය කළ නිලධාරී කමිටුව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සමස්ත පුරප්පාඩු 148,940ක් සඳහා අනුමැතිය ලබා දී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.​එම අනුමත පුරප්පාඩු අතරින් 40,000කට ආසන්න ප්‍රමාණයකට මේ වන විටත් බඳවා ගැනීම් සිදු කර අවසන් බැවින්, ඉතිරිව ඇති 110,000කට ආසන්න පුරප්පාඩු සංඛ්‍යාව පිරවීම සඳහා මෙවර අයවැයෙන් අවශ්‍ය මුදල් වෙන් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,420

Leave A Reply

Your email address will not be published. Required fields are marked *