ලක්ෂ 10ක අල්ලසක් ගත් කළුතර පොලිස් පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාරයට

කළුතර ප්‍රදේශයේ හෝටලයකදී රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබාගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු ලබන ජූලි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා අද (23) නියෝග කළේය. මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උදය කුමාර නැමැති නිලධාරියෙකි.​අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට ප්‍රකාශ කළේ, පැමිණිලිකරුට අයත් වාහනයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී අපරාධමය චෝදනා ගොනු නොකර එය නැවත ලබාදීම සඳහා සැකකාර නිලධාරියා රුපියල් ලක්ෂ 11ක මුදලක් ඉල්ලා ඇති බවයි. ඉන් ලක්ෂයක මුදලක් ඉකුත් 30 වනදා ලබාගෙන ඇති අතර, ඉතිරි රුපියල් ලක්ෂ 10ක මුදල ලබාගන්නා අවස්ථාවේදී ඔහු කොටුවී තිබේ.​ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (22) රාත්‍රියේ මෙම විශේෂ වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකාර පොලිස් පරීක්ෂකවරයා ලබන මාසය දක්වා රිමාන්ඩ් කිරීමට අධිකරණය නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,202

Leave A Reply

Your email address will not be published. Required fields are marked *