ශ්‍රී ලංකාවේ කොරල්පර සංරක්ෂණයට සහ ප්‍රතිස්ථාපනයට නව පියවරක්

ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නව කොරල් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ විද්‍යාගාරය පසුගියදා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය. නැගෙනහිර වෙරළ තීරයෙන් හමුවන දුර්ලභ ගණයේ ‘බ්ලැක්’ සහ ‘රෙඩ්’ කොරල් විශේෂ ඇතුළු කොරල් වර්ග 245ක් විද්‍යාත්මකව සංරක්ෂණය කිරීම සහ කෘතිමව වගා කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ.​සාගර පරිසර තත්ත්වයන් විද්‍යාගාර තුළ කෘතිමව ප්‍රතිනිර්මාණය කරමින් සිදුකරන මෙම කොරල් වගා කිරීමේ කටයුතු මේ වන විටත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර, ඉදිරි සැප්තැම්බර් මස අවසන් වීමට පෙර මෙහි ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට නියමිතය. ඉදිරියේදී මෙය පර්යේෂකයන්ට මෙන්ම මහජනතාවට විවෘත වූ කොරල් පර්යේෂණ මධ්‍යස්ථානයක් සහ කෞතුකාගාරයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.​රජයේ තිරසාර පාරිසරික ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා දේශගුණික විපර්යාස හමුවේ මෙරට සංවේදී සාගර ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමට අපේක්ෂා කෙරේ. මෙවැනි පාරිසරික සංරක්ෂණ වැඩසටහන් රැසක් ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,304

Leave A Reply

Your email address will not be published. Required fields are marked *