හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇප මත මුදා හැරේ

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අල්ලස් කොමිසම සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති අතර, ඒ අනුව සැකකරුවන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර ඇත.​හිටපු ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ සමයේ, රාජ්‍ය අනුග්‍රහයෙන් බඳවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු නිසි රාජකාරීවලට යොදවා නොගෙන, ඉන් තිදෙනෙකු තමාට හිමි ඉන්ධන හලක සේවයේ යොදවා රජයට රුපියල් මිලියන 2.7 කට වැඩි වැටුප් හා දීමනා පාඩුවක් සිදු කළ බවට අල්ලස් කොමිසම මොහුට එරෙහිව චෝදනා නගා තිබුණි.​මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යවරයා සහ ඊට ආධාර අනුබල දුන් බව කියන ඉන්ධන හලේ සේවකයා අද (18) දින බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. කරුණු සලකා බැලීමෙන් පසුව අධිකරණය විසින් ඔවුන්ට මෙලෙස ඇප නියම කරනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,291

Leave A Reply

Your email address will not be published. Required fields are marked *