පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්රික්ක 7 කට අයත් ප්රදේශ රැසක් සඳහා පැය 24 ක කාලයකට බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර ඇත. මෙම අනතුරු ඇඟවීම් ඔක්තෝබර් 12 පස්වරු 4.00 සිට ඔක්තෝබර් 13 පස්වරු 4.00 දක්වා වලංගු වේ.ඒ අනුව කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, රුවන්වැල්ල සහ බුලත්කොහුපිටිය යන ප්රදේශ සඳහා දෙවන මට්ටමේ (අවධානයෙන් සිටින්න) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඊට අමතරව බදුල්ල, කොළඹ, මහනුවර, කෑගල්ල (වෙනත් ප්රදේශ), මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පළමු මට්ටමේ (විමසිලිමත් වන්න) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.නායයාම්, පස් කඳු කඩා වැටීම් හෝ ගිලා බැසීම් වැනි පූර්ව ලක්ෂණ දක්නට ලැබෙන ප්රදේශවල වෙසෙන ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන වෙත යෑමට සූදානමින් සිටින ලෙසත්, වගකිවයුතු බලධාරීන් නිකුත් කරන නවතම උපදෙස් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් වැඩිදුරටත් දැනුම් දෙයි.
























