දේශීය වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන සියලුම වර්ගයේ ආනයනික කිරිපිටි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. නව මිල ගණන් අනුව ග්‍රෑම් 450 පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර, කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රුපියල් 125කින් වැඩි කර ඇති බව වාර්තා වේ.මෙම හදිසි මිල ඉහළ දැමීමත් සමඟ පාරිභෝගිකයින්ට ආනයනික කිරිපිටි මිලදී ගැනීම සඳහා පෙරට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. නව මිල සංශෝධනය අද සිටම ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳපොළට මුදාහැර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

























