එල් නීනෝ සහ දේශගුණික අවදානම් ගමට ගෙන යා යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

එල් නීනෝ සහ ලා නීනා වැනි දේශගුණික විපර්යාසයන්හි බලපෑම් පිළිබඳ සාකච්ඡා අගනුවරට පමණක් සීමා නොකර, ඒවා ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.​විදේශීය විශේෂඥයින්ගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, දේශගුණික අභියෝග ජය ගැනීම සඳහා ප්‍රජා මූලික පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. මිනිස් ක්‍රියාකාරකම්වල ස්වභාවය පාරිසරික සමතුලිතතාවයට සෘජුවම බලපාන බැවින්, බිම් මට්ටමේ සිට මෙම වෙනස්කම් සඳහා ජනතාව සූදානම් කිරීම කාලීන අවශ්‍යතාවක් බව ද ප්‍රේමදාස මහතා පැවසීය.​මෙම හමුවේදී මෙරට ජෛව විවිධත්වයට සහ පරිසර පද්ධතියට එල් නීනෝ හා ලා නීනා තත්ත්වයන්ගෙන් සිදුවන බලපෑම් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමර්ශනය කෙරිණි. අලි-මිනිස් ගැටුම මෙන්ම කොටියන් සංරක්ෂණය වැනි පාරිසරික අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදී විද්වත් අවධානය යොමු විය. මෙම අවස්ථාව සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම සහ මහාචාර්ය අහිම්සා කැම්පොස්-ආර්සෙයිස් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,242

Leave A Reply

Your email address will not be published. Required fields are marked *