ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ සිව්වන පෙරහර අද (18) රාත්‍රියේදී වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව රාත්‍රී 7.40 ට යෙදෙන සුබ මොහොතින් පෙරහරේ ගමන් ආරම්භ වන අතර, බැතිමතුන්ගේ සහ දෙස් විදෙස් සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස එය පැවැත්වීමට කටයුතු යොදා ඇත.පසුගිය 15 වන දින ආරම්භ වූ මෙම කතරගම ඇසළ පෙරහර මංගල්‍යය දින 15ක කාලයක් පුරාවට පැවැත්වෙන පරිදි සැලසුම් කර ඇත. දේවාලයේ චාරිත්‍රානුකූලව පවත්වාගෙන එන මෙම පෙරහර මංගල්‍යය දකුණු පළාතේ පවතින සංස්කෘතික හා ආගමික වැදගත්කමින් යුතු ප්‍රධානතම උත්සවයක් ලෙස සැලකේ.පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මෙම මස 29 වැනි දින පවත්වා, පසුදින උදෑසන මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමෙන් අනතුරුව මෙවර ඇසළ උත්සවයේ සියලු කටයුතු නිමාවට පත් කිරීමට නියමිතය.























