සීගිරිය අභයභූමියේ අනවසර ඉදිකිරීම් සහ ගස් කැපීම්වලට ගාමිණී ෆොන්සේකාගේ පුත් දමිත් ෆොන්සේකා අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පී මියගිය ගාමිනී ෆොන්සේකා මහතාගේ පුත් දමිත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු සීගිරිය අභයභූමිය තුළ අනවසර කටයුතුවල නිරත වීම හේතුවෙන් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සීගිරිය අභයභූමියට අයත් පෞද්ගලික ඉඩමක වනජීවී දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව බැකෝ යන්ත්‍ර භාවිත කරමින් වගා ළිඳක් කපා ඇති අතර, එම අවස්ථාවේදී ප්‍රදේශයේ ගස් කපා දමා ඇති බවට නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.​මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී වගා ළිඳ කැපීමට යොදාගත් ඩෝසර් රථයක්, ලොරි රථයක්, ට්‍රැක්ටරයක් සහ කපන ලද දැව කඳන් තොගයක් වනජීවී නිලධාරීන් විසින් තම භාරයට ගෙන තිබේ. අභයභූමියක් තුළ පෞද්ගලික ඉඩමක් වුවද යම් කැණීමක්, දැව හෙලීමක් හෝ ඉදිකිරීමක් සිදු කරන්නේ නම් වනජීවී දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගත යුතු බව සීගිරිය වනජීවී කාර්යාලය පෙන්වා දෙයි.​තමන්ට අයත් පෞද්ගලික ඉඩමක් බැවින් නීතිමය තත්ත්වය පිළිබඳව දැනුවත් නොවීම මත මෙම කටයුත්ත සිදු කළ බව සැකකරුවන් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා හෙට (31) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *