දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ තද සුළං

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පවා බලාපොරොත්තු විය හැක.​මීට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් කලාපය, උතුරු සහ උතුරු-මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක හරහා පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර මධ්‍යස්ථ වේගයකින් යුත් තරමක තද සුළං තත්ත්වයක් විටින් විට වර්ධනය විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.​අකුණු අනතුරු සහ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,172

Leave A Reply

Your email address will not be published. Required fields are marked *