මෙවර මැයි දින සැමරුම් සංවිධානය කිරීම අනෙකුත් දේශපාලන කණ්ඩායම්වලට දැඩි දුෂ්කරතාවයක් වී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. ජනතාව විශාල වශයෙන් ඒකරාශී කිරීමේ හැකියාව ගිලිහී යාම නිසා ඇතැම් පාර්ශව මැයි දින රැලි පැවැත්වීම මඟහැරීමට විවිධ නිදහසට කරුණු ඉදිරිපත් කරන බව ඔහු පෙන්වා දෙයි. මැයි දිනය සැමරීම ප්‍රතික්ෂේප කිරීම හෝ එය සුළුවෙන් තැබීමට ගන්නා උත්සාහයන් පිටුපස ඇත්තේ ඔවුන්ගේ දේශපාලන පසුබෑම වසා ගැනීමේ වෑයමක් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.ජාතික ජන බලවේගය දිවයින පුරා ප්‍රධාන නගර කිහිපයකම දැවැන්ත රැලි සංවිධානය කර ඇති අතර, වැඩ කරන ජනතාවගේ සැබෑ ශක්තිය එදිනට ප්‍රදර්ශනය කරන බව ඔහු අවධාරණය කළේය. තම පක්ෂයට ලැබෙන ඉහළ ජනතා ප්‍රතිචාරය හමුවේ අනෙකුත් දේශපාලන පක්ෂ දැඩි අර්බුදයකට පත්ව ඇති බවත්, මැයි රැලියක් සාර්ථකව පවත්වාගත නොහැකි පිරිස් මේ වන විට විවිධ පදනම් විරහිත ප්‍රකාශ සිදු කරමින් සිටින බවත් නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
























