ලෝක සාමය වෙනුවෙන් මෙරට මහා නාහිමිවරුන්ගෙන් තානාපතිවරුන්ට විශේෂ ප්‍රකාශයක්

ලෝක සාමය උදෙසා ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහනායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය, විදේශීය තානාපතිවරුන් වෙත නිල වශයෙන් පිළිගැන්වීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද සිදු කෙරිණි. ජනාධිපති කාර්යාලයේ පූර්ණ දායකත්වය ඇතිව සකස් කළ මෙම ප්‍රකාශය මගින් යුද ගැටුම්වලින් පීඩිත ලෝක ප්‍රජාව වෙත සාමකාමී පණිවිඩයක් රැගෙන යාම අපේක්ෂා කෙරේ.​මෙම අවස්ථාවට නියංගොඩ විජිතසිරි හිමි, වෙඩරුවේ උපාලි හිමි, ත්‍රිකුණාමලේ ආනන්ද හිමි සහ අංකුඹුරේ පේමවංශ හිමි යන අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සඟරුවන වැඩම කළහ. වර්තමානයේ ලෝක යුද්ධ පවතින සහ ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා වන රටවල තානාපතිවරුන් වෙත මෙම සාම සංදේශය භාරදීම විශේෂත්වයක් වූ අතර, වැඩසටහනේ අරමුණ පිළිබඳව ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ විසින් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.​බුදුදහම පාදක කරගත් මෙම සාම ප්‍රකාශය හරහා ජාත්‍යන්තරය තුළ පවතින අසමගිය සහ වෛරය තුරන් කර, සහජීවනය ගොඩනැගීමට ශ්‍රී ලංකාවේ ආගමික නායකයන් දරන උත්සාහය තානාපතිවරුන්ගේ නොමඳ ඇගයීමට ලක් විය. දශක ගණනාවක යුද අත්දැකීම් ඇති රටක් ලෙස, ශ්‍රී ලංකාවෙන් නිකුත් කෙරෙන මෙම සාම හඬ ලෝක බලවතුන්ගේ අවධානයට යොමු කිරීම මෙම ඓතිහාසික හමුවේ මූලික පරමාර්ථයයි.

What's your reaction?

Related Posts

1 of 1,115

Leave A Reply

Your email address will not be published. Required fields are marked *