2026 කාන්තා විස්සයි20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

එංගලන්තය සහ වේල්සය කේන්ද්‍ර කරගනිමින් එළඹෙන ජුනි 12 වැනිදා සිට ජූලි 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. ප්‍රබල ක්‍රීඩිකා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මෙම ජාතික කණ්ඩායම තරගාවලියට සහභාගී වීම සඳහා ලබන ජුනි මස 3 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට සියලු කටයුතු සූදානම් කර තිබේ.​චමරි අතපත්තු මෙහෙයවන මෙම නිල සංචිතය සඳහා හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, කාවිෂා දිල්හාරි, හන්සිමා කරුණාරත්න සහ කෞශිනී නුත්‍යංගනා ඇතුළත් කර ඇත. මීට අමතරව සුගන්දිකා දසනායක, නිමාෂා මධුශානි, ශෂිනි ගිම්හානි, කාව්‍යා කවින්දි, මල්කි මධාරා මෙන්ම මිථාලි අයෝධ්‍යා යන ක්‍රීඩිකාවන් ද මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරමින් සංචිතයට නම් කර සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,180

Leave A Reply

Your email address will not be published. Required fields are marked *