2026-27 මහ කන්නයේ වගා කටයුතු ආරම්භ වන දින ප්‍රකාශයට පත්කෙරේ

ඉදිරි 2026-27 මහ කන්නය සඳහා වගා කටයුතු ආරම්භ කිරීමට නියමිත නිල දින වකවානු කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇත. ඒ යටතේ, වලව කලාපයේ වගා බිම් ඔක්තෝබර් මස 01 වැනි දින සිටත්, ඇල්ල ප්‍රදේශයේ කටයුතු ඔක්තෝබර් මස 15 වැනි දින සිටත් යළි ඇරඹීමට තීරණය කර තිබේ.​මීට අමතරව, අනෙකුත් ප්‍රධාන වාරි මාර්ග කලාපයන්හි වගා කටයුතු ආරම්භ කිරීමේ දිනයන් ද අමාත්‍යාංශය විසින් වෙන් කර ඇත. ඒ අනුව, කවුඩුල්ල ප්‍රදේශයේ වගා කටයුතු නොවැම්බර් මස 01 වැනි දිනත්, ඇළහැර ප්‍රදේශයේ කටයුතු නොවැම්බර් මස 10 වැනි දිනත් ආරම්භ කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,322

Leave A Reply

Your email address will not be published. Required fields are marked *