හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට දින නියම වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ලබන අගෝස්තු මස 06 වන දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (06) තීරණය කළේය. 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස්, පහර දී, අයුතු ලෙස සිරකර තැබීමේ

දිවයින පුරා ඩෙංගු රෝගීන් 61,000 ඉක්මවයි: ජූලි මුල් දින කිහිපයේදී පමණක් 5,000කට වැඩි පිරිසක් රෝගී වෙති

දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තියේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. සෞඛ්‍ය අංශ නිකුත් කළ නවතම දත්තවලට අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම ජූලි මාසයේ

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 7ක් වෙයි: 50කට ආසන්න පිරිසකට තුවාල

මීගමුව බන්ධනාගාරය තුළ දින දෙකක් පුරා ක්‍රමයෙන් උත්සන්න වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පෙරේදා ආරම්භ වූ මෙම ගැටුම්කාරී වටපිටාව නිසා මුල් දිනයේදී දෙදෙනෙකු මියගිය අතර, අද පෙරවරුවේ ඇති වූ

නව බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමඟ අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට බස් ගාස්තු ඉහළ දමා තිබේ. ඒ අනුව සාමාන්‍ය බස් රථ සේවාවන්හි මෙතෙක් පැවති අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ යනු ඇත. එමෙන්ම

දරුවන්ගේ ආරක්ෂාව පැහැරහරින මව්පියන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි – ඇමති සරෝජා සාවිත්‍රි

උපතේ සිට වයස අවුරුදු 12 දක්වා දරුවන් රැකබලා ගැනීමේ මූලික සහ සම්පූර්ණ වගකීම මව්පියන් මෙන්ම භාරකරුවන් සතු වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. මාතර දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීමට එක්වෙමින් ඇය අවධාරණය