යල කන්නයේ අස්වනු සරු කිරීමට ගොවි ජනතාවට රජයෙන් මූල්‍ය සහනාධාර

2026 යල කන්නයේ වී වගා කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් රජය මගින් පිරිනමනු ලබන පොහොර සහනාධාර වැඩපිළිවෙළ මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙළ යටතේ ගොවීන්ට අවශ්‍ය සහාය ලබා දීම සඳහා වගා කරන සෑම හෙක්ටයාරයකටම රුපියල් 30,000 බැගින් වූ මුදල්

ශ්‍රී ලංකා – මාලදිවයින් සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අභිමානවත්ව පැවැත්විණි. අශ්වාරෝහක පෙරහැරක්, උඩරට නර්තන අංග සහ ආචාර

කුඩාඔය බස්-යතුරුපැදි ගැටුමකින් 14 හැවිරිදි දැරියක් මරුට

මොණරාගල, කුඩාඔය පොලිස් වසමේ වෙහෙරයාය සිරිපුරගම මාර්ගයේ සිදු වූ දරුණු රථවාහන අනතුරකින් 14 හැවිරිදි පාසල් දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ සිරිපුරගම දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි

රාගම ශික්ෂණ රෝහලේ යටිතල පහසුකම් නංවාලීමට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිගෙන් කඩිනම් පියවර

රාගම (උතුරු කොළඹ) ශික්ෂණ රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ රෝගී සත්කාරක සේවාවන්හි ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ කළමනාකරණ කමිටු රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

​ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වන රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස අද (04) කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය. ඊයේ දිවයිනට පැමිණි හත් දෙනෙකුගෙන් යුත් මෙම දූත පිරිස සිය සංචාරය අතරතුර කොළඹ