ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන පාගමන අද කොළඹට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ නිදහස් කරගැනීමේ අරමුණින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද නිදහස් පාගමන අද (15) දින කොළඹට ළඟා වීමට නියමිත අතර, එයින් පාගමන අවසන් වීමට නියමිතය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (15) දින පස්වරු 1.00න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ…

බන්ධනාගාරගත භික්ෂූන්ට සිවුරු දැරීමේ අයිතිය පවතියි – අධිකරණ ඇමති

බන්ධනාගාරගත කරනු ලබන බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමේදී චීවරය පැළඳ සිටීමට පූර්ණ අයිතිය පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.​අදාළ නිකාය මගින් චීවරය ඉවත් කරන ලෙස නිල වශයෙන් දැනුම් දෙන තෙක්…

බන්ධනාගාර ආඥාපනත යාවත්කාලීන කිරීමේ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට භාරදෙයි

බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අද (14) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාරදී ඇත.​මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති…

ගුරු විභාග ප්‍රතිඵල නිකුත් වෙයි: සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් 15 සිට

ජාතික සහ පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව, පළමු අදියර යටතේ 17,000 ක් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මස 15 වැනිදා සිට ආරම්භ වන බව…