​බාල ගල්අඟුරු ගෙන්වීමෙන් විදුලි පාරිභෝගිකයා අමාරුවේ: විපක්ෂ නායකගෙන් දැඩි චෝදනාවක්!

රජය විසින් ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු මෙරටට ආනයනය කිරීම හේතුවෙන් විදුලි උත්පාදනය අකාර්යක්ෂම වී ඇති බවත්, එමගින් යන්ත්‍රසූත්‍රවලට සිදුවන හානිය සහ රටට සිදුවන මූල්‍ය අලාභය ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විශේෂ වීඩියෝ

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට පැනවූ මරණ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි!

හෙරොයින් ග්‍රෑම් 2.53ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින්, මහාධිකරණ තීන්දුව ස්ථිර කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. මෙලෙස මරණ දඬුවම තහවුරු වූයේ

දිට්වා සුළි සුළඟින් පීඩාවට පත්වූවන්ට සහන දීම පමා නොකරනු: විපක්ෂ නායකගෙන් රජයට බලපෑම්!

සුළි සුළඟින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් බාධාවට පත් නොවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 'X' පණිවිඩයක් නිකුත් කරමින් ඔහු රජයෙන් ඉල්ලා සිටියේ, සම්බන්ධීකරණයට ප්‍රමුඛතාව ලබා දී තවමත් ආධාර

රජයේ වෛද්‍යවරුන්ගෙන් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්: ලබන සඳුදා සිට සායන කටයුතු අත්හිටුවයි!

​වෛද්‍යවරුන් සඳහා විශේෂ සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම්වලට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, ලබන සඳුදා (මාර්තු 02) සිට රෝහල් සායනික කටයුතුවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත. මේ වන විට ක්‍රියාත්මක

කෙරවලපිටිය ගින්නෙන් පරිසරයට වූ හානිය සෙවීමට නියෝජ්‍ය ඇමතිගෙන් විශේෂ විමර්ශනයක්!

කෙරවලපිටිය අපද්‍රව්‍ය අංගනයේ පසුගිය 25 වනදා හටගත් ගින්න හේතුවෙන් ප්‍රදේශයේ පරිසර පද්ධතියට සහ ජනජීවිතයට එල්ල වූ බලපෑම පිළිබඳව විධිමත් වාර්තාවක් කැඳවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. වගුරුබිම් ගොඩකර පවත්වාගෙන යනු ලබන මෙම ස්ථානයේ ඇති වූ තත්ත්වය