ඉන්දියාවේ බුබනේස්වර් හි ආරම්භ වූ BIMSTEC වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදීම තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ නෙත්‍යා සම්පත් මීටර් 2.08ක දස්කමක් දක්වමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට සමත් වූවාය. එමෙන්ම පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.35කින් නිමා කළ දිනෙත් ඉඳුවර වීරරත්න ද ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් රන් පදක්කමක් හිමි කර ගත්තේය.මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළමු දිනයේදී තවත් පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව සාද් ජමාල්ඩීන් (මීටර් 100 – ලෝකඩ), නෙත්සර දිනෙත් ගගබඩා (මීටර් 1500 – රිදී), සෙනුර හංසක (ත්‍රිත්ව පැනීම – රිදී), ජයවි රන්හින්ද අල්විස් (යගුලිය විසිකිරීම/වෙඩි තැබීම – ලෝකඩ), නිදුකි ප්‍රාර්ථනා (මීටර් 5000 – ලෝකඩ) සහ BAKK බාලසූරිය (කාන්තා කවපෙත්ත විසිකිරීම – ලෝකඩ) පදක්කම් දිනා ගත්හ.රටවල් හයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට වැඩි පිරිසක් සහභාගී වන මෙම තරගාවලියේ පළමු දිනයේ රන් පදක්කම් අටෙන් හයක් දිනා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර, ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් සහ පදක්කම් එකතුව කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතී.



























