’අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ මැයෙන් සංවිධානය කර ඇති විශේෂ ජන රැලි මාලාව යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජන රැලි දෙකක් අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.මෙම ජන රැලි මාලාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, පළමු ජන රැලිය අද පස්වරු 2.00 ට කහටගස්දිගිලිය සති පොළ භූමියේදී ආරම්භ වීමට නියමිතය.අනතුරුව දෙවන ජන රැලිය එදින පස්වරු 4.00 ට නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.



























