අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු සහ අදාළ නඩත්තු කටයුතු හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් වසා තැබේ. ඒ අනුව, අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) උදෑසන 6.00 දක්වා මෙම මාර්ගය වසා තැබීමට තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.මේ පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන් දැනුවත් කර ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය මගින් අදාළ පාර්ශ්වයන් වෙත දැනුම්දීම් සිදු කර තිබේ. එබැවින්, එම කාලය තුළ මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට සහ මහජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලා සිටී.



























