පෙරපාසල් ගුරුවරුන් 35,000කට රජයෙන් නොමිලේ ජාතික පුහුණුවක්

දිවයින පුරා සිටින 35,000කට ආසන්න පෙරපාසල් ගුරුවරුන් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව පදනම් කරගත් ජාතික මට්ටමේ විශේෂ පුහුණු වැඩසටහනක් නොමිලේ ලබාදීමට රජය පියවර ගෙන තිබේ. කිසිදු ගුරුවරයෙකු අතනොහැර සෑම කෙනෙකුම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පැවසීය.​මෙම ජාතික වැඩසටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරයි. ඊට ජාතික අධ්‍යාපන ආයතනය සහ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පූර්ණ දායකත්වය ලබාදෙන අතර, සෑම ගුරුවරයෙකුටම දින 10ක පුහුණුවක් හිමිවේ. මේ සඳහා ජාතික මට්ටමේ ප්‍රධාන පුහුණුකරුවන් 108 දෙනෙකු සහ පළාත් මට්ටමේ පුහුණුකරුවන් 556 දෙනෙකු පුහුණු කිරීමට නියමිතය.​මේ වන විට පළාත් 8ක පුහුණු කටයුතු ආරම්භ කර ඇති අතර, සබරගමුව පළාතේ පුහුණුවීම් නොවැම්බර් 11 වනදා ඇරඹේ. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර, පෙරපාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි.

What's your reaction?

Related Posts

1 of 1,409

Leave A Reply

Your email address will not be published. Required fields are marked *