ව්‍යාජ බැංකු වෙබ් අඩවියක් හදා රුපියල් ලක්ෂ 10ක් වංචා කළ අයෙකු අත්අඩංගුවට

පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර, පුද්ගලයෙකුගේ ගිණුම් ප්‍රවේශ දත්ත ලබාගනිමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළ සැකකරුවෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ. වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.​විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත පුද්ගලික ආයතනයක දත්ත ඇතුළත් කිරීමේ නිලධාරියෙකු ලෙස සේවය කරන 25 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.​සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,441

Leave A Reply

Your email address will not be published. Required fields are marked *