‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ යන තේමාව යටතේ පැවැත්වෙන මහජන රැලී මාලාවේ තවත් ජන රැලි දෙකක් අද (11) නිකවැරටිය සහ ගොකරැල්ල යන නගරවලදී පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන පළමු ජන රැලිය අද පස්වරු 1.00ට නිකවැරටිය නගරයේදී ආරම්භ වන අතර, දෙවන රැලිය පස්වරු 3.00ට ගොකරැල්ල නගරයේදී පැවැත්වීමට නියමිතය.මෙම ජන රැලි ද්විත්වය සඳහා විශාල ජනකායක් සහභාගී වනු ඇතැයි සංවිධායක මණ්ඩලය විශ්වාසය පළ කරයි.
























