විසිවැනි ආසියානු ක්‍රීඩා උලෙළේ මෙරට ප්‍රමුඛ රන් පදක්කම් බලාපොරොත්තුවක් වන රුමේෂ් තරංග සහභාගී වන හෙල්ල විසිකිරීමේ අවසන් තරගය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.මෙම වසර තුළ පොදු රාජ්‍ය මණ්ඩල රන් පදක්කම සහ ඩයමන්ඩ් ලීග් ශූරතාව ඇතුළු ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇති රුමේෂ්ට ශක්තියක් වීමේ අරමුණින් ඔහුගේ මව්පියන්ද මේ වන විට ජපානය වෙත ගොස් තිබේ.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමේධ රණසිංහද මෙම අවසන් තරගයට එක්වන අතර, පාකිස්තානයේ ඔලිම්පික් ශූර අර්ෂාඩ් නදීම් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් පිරිසක්ද මේ සඳහා සහභාගි වෙති.



























