අනුරාධපුර, රඹෑව වැලිඔය හන්දිය ආසන්නයේදී පසුගිය 10 වැනිදා බස් රථ තුනක් ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධ මූලික විමර්ශනවලදී වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණය වී තිබේ. අනතුරින් මියගිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියදුරෙකු අනතුර සිදුවන අවස්ථාවේදී මත්පැන් සහ ගංජා පානය කර සිටි බව මුත්‍රා සාම්පල පරීක්ෂණයකින් තහවුරු වී ඇත.මහනුවර – යාපනය (A-09) මාර්ගයේ සිදුවූ මෙම අනතුරින් ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඇති අතර, පෞද්ගලික බස් රථයක් එක් බස් රථයක පසුපස ගැටී තිබුණි. මෙම ඛේදවාචකයෙන් ලංගම රියදුරෙකු සහ ඇටවීරගොල්ලෑව හා රිදීගම ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් මගීන් 76 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.



























