22 වැනි සංශෝධනයට සහාය පළ කරමින් නව අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.​නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි දැක්වෙන්නේ අදාළ පනත් කෙටුම්පත නීත්‍යානුකූල පදනම මත සකස් කර ඉදිරිපත් කර ඇති බවයි.​එමෙන්ම, මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක අවශ්‍යතාවක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔහු සිය පෙත්සම මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,305

Leave A Reply

Your email address will not be published. Required fields are marked *