හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කරන ලද විශේෂ වැටලීමකදී, ග්‍රෑන්ඩ්පාස් ලක්සඳ සෙවණ සාලමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 02ක ප්‍රමාණයක් සමඟ 24 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම ඊයේ (07) රාත්‍රී කාලයේදී…

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද දිවයිනට

තුන්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතා අද (08) දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, ඒ සමඟම කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපළේ සිට…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

​අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, මූලික කාලය තුළ ස්ථාවර නියෝගවලට යටත්ව පාර්ලිමේන්තු කටයුතු සහ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. ඉන් අනතුරුව, පෙ.ව. 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි

පස්වරු 2.00 න් පසු ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර්…

අම්පිටියේ සුමනරතන හිමි රක්ෂිත බන්ධනාගාරයට

මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ගේ වැඩකටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.​අදාළ චෝදනාවලට අදාළව සැකකාර හිමියන්…