රජයෙන් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ජූලි 13 ඇරඹේ

​මෙවර කන්නයේ වී මෙට්‍රික් ටොන් 39,500ක් රජය විසින් මිලදී ගැනීමට තීරණය කර ඇති අතර, එම කටයුතු ලබන ජූලි 13 වැනිදා සිට ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන

මීගමුව බන්ධනාගාර සිද්ධියේ මියගිය පිරිසගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (07) නියෝග කළාය. එම මරණ පරීක්ෂණ කටයුතු සිදුකර වාර්තා ලබාදෙන

බස් රථ සේවා කාර්යක්ෂම කිරීමට ‘පොකුරුකරණ’ නියමු ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ බස් රථ ප්‍රවාහන සේවාව වඩාත් ක්‍රමවත් කිරීම අරමුණු කරගනිමින්, අලුතින් ‘බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණ’ (Bus Sector Clustering) නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, මූලික පියවරක් ලෙස 170, 177 සහ 190 යන

ක්‍රිෂ් ගණුදෙනු නඩුව නොවැම්බර් 16 කැඳවීමට නියෝග

​කොළඹ මහාධිකරණයේ විභාග වන ක්‍රිෂ් ගණුදෙනුවට අදාළ නඩුව, ලබන නොවැම්බර් මස 16 වැනිදා කැඳවීමට අද (07) දින නියෝග කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව, අද දිනයේදී කොළඹ මහාධිකරණ විනිසුරුවරිය හමුවේ කැඳවන ලදී.​මෙහිදී

වී සඳහා සහතික මිල ප්‍රමාණවත් නොවන බවට විපක්ෂ නායකගෙන් චෝදනා

යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ ගබඩා කළමනාකරණය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. ස්ථාවර නියෝග 27(2) යටතේ කරුණු දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, වී නිෂ්පාදන පිරිවැය ඉහළ ගියද ඊට