ඕස්ට්‍රේලියාවෙන් පළමු වරට H5N1 කුරුළු උණ වයිරසය වාර්තා වේ

ඕස්ට්‍රේලියාව තුළින් ප්‍රථම වරට H5N1 කුරුළු උණ වයිරසය ආසාදනය වූ පක්ෂියෙකු හමුවී ඇති බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර තිබේ. මෙම සොයාගැනීමත් සමඟ ලොව සෑම මහද්වීපයකින්ම මේ වන විට මෙම වයිරසය වාර්තා වී තිබීම විශේෂත්වයකි.​බටහිර

2026 උසස් පෙළ විභාගය කල් දැමීමක් සිදු නොකරයි

2026 වසරේ අගෝස්තු 10 වැනි දින ආරම්භ වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. විභාගය කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ලැබී තිබුණද,

ආණ්ඩුවේ අසමත්කම නිසා ජනතාව පීඩාවට පත්වන බව නාමල් රාජපක්ෂ පවසයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගියද මෙරට ඉන්ධන මිල ඉහළ දැමීම වත්මන් රජයේ අසාර්ථකත්වයේ සහ වංචා දූෂණවල ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. කොළඹ පැවති හමුවකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ලෝකයේ

බස් ගාස්තු අඩු නොකරන බවට ගැමුණු විජේරත්නගෙන් ප්‍රකාශයක්

ඩීසල් මිලෙහි යම් අඩුවීමක් සිදුවුවද, ඉදිරි මාස හයක කාලසීමාව තුළ බස් ගාස්තු කිසිදු ආකාරයකින් පහත නොදැමීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා නිල වශයෙන් සඳහන් කර සිටියේ, ඉන්ධන මිල අඩුවූ පමණින් බස්

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ යළි පිබිදීමක්

වසරේ මුල් භාගයේ මැදපෙරදිග කලාපයේ පැවති අර්බුද හේතුවෙන් පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය, මැයි මාසයේදී ප්‍රබල ප්‍රකෘතිමත් වීමක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන පරිදි, ගෝලීය සංචාරක වර්ධනය 3%ක් වැනි මට්ටමක පවතිද්දී