පළාත් හතක් ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්දන සතියක් අද සිට ඇරඹේ

දිවයින පුරා ඩෙංගු රෝගීන් ඉහළ ගොස් ඇති ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ මර්දන සතියක් අද (14) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන ආකාරයට, මදුරු කීටයන් බෝවීමේ වැඩි අවදානමක් පවතින බවට හඳුනාගත් පළාත්…

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සහ තද සුළං පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට අද (14) සවස් හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

අමාත්‍ය විජිත හේරත් තායිලන්ත නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව අද (14) සිට දින තුනක කාලයක් එනම් 16 වැනි දා දක්වා තායිලන්තයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.​මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා, තායිලන්තයේ…

කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර රූ රැජින කිරුළ ගැලවීමේ නඩුවෙන් නිදොස් කොට නිදහස්

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති විවාහක රූ රැජින තරගාවලියක දී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීමේ සිද්ධියට අදාළව හිටපු ලෝක විවාහක රූ රැජිනක් වූ කැරොලයින් ජූරි සහ මෝස්තර ශිල්පිනියක වූ චූලා පත්මේන්ද්‍ර යන අය නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ. කොළඹ…

රුමේෂ් තරංග හංගේරියාවේ දී හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනා ගනී

ශ්‍රී ලාංකික හෙල්ල විසි ක්‍රීඩක රුමේෂ් තරංග තවත් වරක් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා. හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති World Athletics Ultimate Championship තරගාවලියේ පිරිමි හෙල්ල විසි ඉසව්වෙන් ඔහු රන් පදක්කම දිනා ගත්තේ ලෝකයේ ප්‍රමුඛතම…