පාසල් පෙළපොත් අස්ථානගත වීම ගැන දෙපාර්තමේන්තු කමිටුවක්

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නැගෙනහිර පළාතේ පාසල් වෙත බෙදා හැරීම සඳහා නිකුත් කළ රුපියල් ලක්ෂ අටකට අධික වටිනාකමකින් යුත් පළමු ශ්‍රේණියේ දෙමළ මාධ්‍ය පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් අස්ථානගත වී තිබේ. මැයි මස 24 වැනි දින ප්‍රවාහනයට භාර…

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද

​ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදට යෙදී තිබේ. තරගයේ දෙවැනි දිනය ඊයේ (16) නිමාවට පත්වන විට, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 460ක්…

මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර හෙට

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර හෙට (18) වීදි සංචාරය කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. සතර මහා දේවාලවල කප් සිටුවීමෙන් පසු ආරම්භ වූ අභ්‍යන්තර පෙරහැර කටයුතු අවසන් වීමෙන් අනතුරුව, අගෝස්තු 23 සිට 27 දක්වා රන්දෝලි පෙරහැර…

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භ වෙයි

වියට්නාමයේ හො චි මින් නුවර සිට පැමිණි වියට්නාම් එයාර් ලයින්ස් සමාගමට අයත් ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (16) රාත්‍රී 11.02 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. ඒබස් ඒ-320 වර්ගයේ එම ගුවන් යානය ගුවන් තොටුපොළ වෙත පැමිණීමත් සමඟ…

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.​පස්වරු…