මුදල් අමාත්‍යාංශ ලේකම් නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්: සුගීෂ්වර ඇතුළු පිරිස ප්‍රදේශවාසීන් පන්නා දමති

අකුරේගොඩ පිහිටි මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට අද (28) පෙරවරුවේ සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් මෙම උද්ඝෝෂණය

මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජේලර්වරයෙක් සහ පාලිකාවක අත්අඩංගුවට

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරයෙකු සහ පාලිකාවක අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. වාර්තා වන අන්දමට, ඊයේ

බගවන්තලාවේදී පාසල් බස් රථයක් අනතුරට

බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට නගරයේ පාසල් වෙත සිසුන් රැගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (28) උදෑසන 7.30 ට පමණ අනතුරට පත්ව තිබේ. ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. බස් රථය

නව අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට

2025/26 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ නිල ක්‍රියාවලිය අද (28) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව, සුදුසුකම් ලැබූ සිසුන්ට අද සිට ලබන මැයි මස 19 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය

සාම පාද යාත්‍රාවේ සමාප්තිය අදයි

ජාත්‍යන්තර "ඒහිපස්සිකෝ" සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදට (28) යෙදී තිබේ. ඒ අනුව අද දහවල් 12.00 ට ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන සාම පාගමන කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා