අවුරුදු කටේ ජනතාව රවටන ආණ්ඩුවේ ගෑස් සහ තෙල් ‘සූත්‍රය’ ආනන්ද පාලිත හෙළි කරයි

සමගි වෘත්තීය සමිති සම්මේලනය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ආනන්ද පාලිත මහතා අවධාරණය කළේ, ලෝක වෙළඳපොළේ මිල ගණන් හෝ ඉරාන-ඊශ්‍රායල යුද තත්ත්වයන් පෙන්වා දෙමින් රජය මෙරට ඉන්ධන සහ ගෑස් මිල ඉහළ දැමීම ජනතාව මුලා කිරීමක් බවයි. සිංගප්පූරුවේ පවතින තොග මිල ගණන්

නීති විරෝධී ඩීසල් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටු වෙයි

බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 826ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මරදාන, ඩී.ආර්. විජේවර්ධන මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී

ජාතික QR ගෙවීම් ව්‍යාපෘතිය අද ඇරඹේ

ශ්‍රී ලංකාව මුදල් නෝට්ටු භාවිතය අවම වූ 'Cash-lite' ආර්ථිකයක් කරා මෙහෙයවීමේ දැවැන්ත පියවරක් තබමින්, "ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) නිල වශයෙන් ආරම්භ කෙරේ.

පාර්ලිමේන්තු සතිය හෙට ඇරඹේ: බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ලබන 10 දා

හෙට (07) සිට ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කර ඇත. ඒ අනුව අප්‍රේල් 7, 9 සහ 10 යන දිනවල සභාවේ කටයුතු සිදු කෙරෙනු ඇත. කෙසේ වෙතත්, අප්‍රේල් 08 වනදා රජයේ නිවාඩු දිනයක් බැවින්

GMOA වර්ජනය තාවකාලිකව නවතී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (06) පෙරවරු 8.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. දේශපාලන මැදිහත්වීම් මත සිදුකෙරෙන වෛද්‍ය ස්ථානමාරුවීම් වහාම නතර කරන ලෙස බලකරමින් මෙම වැඩවර්ජනය